Thursday, November 8, 2012

මයික්රෝසොෆ්ට්ලාගේ වෙළද සලකුණේ (Microsoft Logo) වෙනස්වීම...


ඔයාලා දන්නවා ඇතිනේ මේ අවුරුද්දේදී මයික්රෝසොෆ්ට් සමාගම එයාලගේ ඔෆිස් 2013 හා වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ධති එලිදක්වපු එක ගැන.... ඉතින් කලින් තිබුන මෙහෙයුම් පද්ධති එක්ක බලනකොට මේ අවුරුද්දේ එයාලා ඉදිරිපත් කරලා තියන සියල්ලකම ලොකු වෙනසක් තියනවා... වගේම එයාලා මේ සංස්කරණ වල වෙළද සලකුනටත් ලොකු වෙනසක් කොරල තියනවනේ... ඔය පහලින් තියෙන්නේ එයාලා අලුතෙන් එළිදක්වපු වින්ඩෝස් 8 ලෝගෝ එකනේ... වින්ඩෝස් 7/ XP ලෝගෝ එක්ක බලනකොට මේක හරිම චාම් වගේ නේද? :ඩී  





2012 වර්ශයේ දී එයාලා ඉදිරිපත් කරපු/ ඉදිරිපත් කරන හැම සංස්කරණයකම මේ අලුත් ලෝගෝ එක ඔයාලට දැකගන්න පුලුවන්.. ඔයාලට ලාවට වගේ මතක ඇතිනේ, වින්ඩෝස් 7/ XP වල ලෝගෝ එකේ තිබුනේ ලෙල දෙන කොඩියක හැඩයේ ලෝගෝ එකක්නේ.. ඒත් එයාලගේ මේ අලුතෙන් එන ලෝගෝ එකට තියෙන්නේ සමචතුරශ්රයක හැඩයක්නෙ, ඒක පරන ලෝගෝ එක වගේ ලෙලදෙන්නෙත් නෑ, පැත්තකට ටිකක් විතර ඇල වෙලා තියෙන්නේ..


  තව එකක්.. මතකද පරන ලෝගෝ එකට රතු, කොළ, නිල්, කහ කියන පාට වලින් ලස්සන කොරොලා තිබුනා.. ඒත් මේ වින්ඩෝස් 8 වලනම් සෙල්ලම් දාල නෑ.. තියෙන්නේ එකම එක පාටයි, ලා නිල් පාට.. ඒකනේ මම කිවුවේ හරිම චාම් කියලා..  ඔය පල්ලෙහයින් තියෙන්නේ 7න් වලයි XP වලයි ලෝගෝ 2කනේ.. බලන්නකෝ මම කියපු වෙනස්කම් තියනවද කියලා..  
   



 

අපි මෙච්චර වෙලා කියෙවුවේ windows ලෝගෝ එක ගැනනේ.. අපි දැන් බලමු Microsoft වල ලෝගෝ එක ගැන.. මම අර කලින් කලින් කිව්ව පාට 4 මේ ලෝගො එකේනම් තියනවා.. ඒකෙනම් පොඩි පොඩි වෙනස්කම් ටිකක් තමා වෙලා තියෙන්නේ.. අර ලෙලදෙන කොඩියත් අපිට මේකෙ දැකගන්න නැහැ, හරි හතරැස් ලෝගෝ එකකට තමයි මේකත් වෙනස් වෙලා තියෙන්නේ.. ඔන්න මුල ඉදලම තියනවා, ඔයාලම බලාගන්නකෝ..  


No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...