Tuesday, November 6, 2012

සිංහලෙන් ටයිප් කරන්න සිංහලෙන් ඉගෙනගමු....


ඉස්සෙල්ලාම ඔයාලගෙ පරිගණකයෙන් සිංහල පේන්නේ නැත්නම් හරි බාගෙට සිංහල පේනවනම් පහත ලින්ක් එකෙන් සිංහල Unicode install කරගන්න.
Cannot read Sinhala? Click on the Link to install Sinhala Unicode.. 

සිංහල යුනිකෝඩ් ගන්න  



ලින්ක් එකට ගිහින් ඔයාලගෙ කොම් එකේ OS එක නිවැරදිව තෝරලා Unicode එක හරියට install කරගන්න. හරියට ඉන්ස්ට්රෝල් උනානම් කලින් නිවැරදිව නොපෙනුන සිංහල දැන් ඔයාලට හරියට බලාගන්න පුලුවන්...


ඕකේ.. දැන් සරලව බලමු මන් මේ ඔයාලට කියල දෙන්න යන්නෙ මොකක්ද කියලා...
  ගොඩක් අයට එන ප්රශ්නයක් තමයි මේ සිංහලෙන් ටයිප් කරන එක.. ප්රශ්නයට සරල විසදුම් ටිකක් තමා මේ දෙන්න යන්නේ..


මේ දීල තියන ඒවගෙන් ඕනෑම තැනක සිංහලෙන් ටයිප් කරන්න පුලුවන්.. ඒ කිවුවේ අන්තර්ජාලය තුලත්, ඔෆිස් වලත් ඕනෑම තැනක...
භාවිතා කිරීමට අන්තර්ජාල සභදතාවය අනවශ්‍ය වීම.
Singlish ආකාරයට ටයිප් කරන නිසා වැඩේ හරිම සිම්පල් වීම.
ඒ කිව්වේ මේ ක්‍රම වලදී අපි සිංහල ටයිප් කරන්නේ අපි සාමාන්යෙන් messages ටයිප් කරන ආකාරයටයි. දැන් මට ‘මම බත් කනවා’ කියල ටයිප් කරන්න ඕනෙනම් mama bath kanawaa කියලයි ටයිප් කොරන්න ඕනේ..
වෙන වෙන තැන් වල ටයිප් කොරල copy, paste කිරීමට අවශ්‍ය නොවීම.
ඒ කිවුවේ අපිට අවශ්‍ය තැනක, ඒ වෙලාවෙම Direct type කොරන්න පුලුවන් කියන එකනේ..

    සිංහලෙන් ටයිප් කරන්න එක එක විදියේ ක්රම ගොඩාරියක් තියනවා.. මන් ගොඩාරියෙන් ලේසිම ක්රම ටිකක් කියලා දෙන්නයි යන්නෙ ඕං...


    1.  Google Transliteration IME මගින්..

    මේක ඇවිල්ලා Google සමාගමෙන් අපිට ලේසියෙන්ම සිංහල ටයිප් කොරන්ඩ ලබා දීල තියන පොඩි සොෆ්ට් එකක්.. දැන් නොදන්න කට්ටිය බලයි google එකෙන් දෙන නිසා මේකෙන් සිංහල ටයිප් කොරන්න පුලුවන් ඇත්තෙ Internet එක අතුලෙ විතරයි කියලා, නෑ නෑ අපිට මේකෙන් ඕනෙම තැනක සිංහලෙන් ටයිප් කොරන්න පුලුවන්... 

     
    තවත් කට්ටියක් බලයි Google අයියලා මොකද මේ සිංහල භාෂාවට විතරක් විශේෂත්වයක් දීල සොෆ්ට් 1ක් හදලා තියෙන්නේ කියලා.. නෑ නෑ මේකෙන් ඕනෙනම් තව එක එක භාෂා 23ක් විතර ටයිප් කොරන්න පුලුවන්..  ඒවත් ටයිප් කොරන්න ඕනෙ අය ඉන්නවනම් මේක install කරද්දි Language ටිකත් install කරගන්නකෝ.. :ඩී    

    හරි වැඩේ පටන් ගන්න පහල තියන ලින්ක් 1 යන්න. එතකොට එක එක Languages ගොඩක් තියන page 1ක් එයි, එකෙ ඔයාට ඔනෙ language එක ඉස්සරහයින් පොඩි ටික් එකක් දාල agreement එකටත් පොඩි ටික් එකක් දාල Download කියන Button 1 ක්ලික් කරන්න..


     
    ඊට පස්සේ ඒ බාගත්ත file 1 ක්ලික් කරලා ඉන්ස්ට්‍රෝල් කරගන්න.. අවශ් ෆයිල් අරගෙන නෙට් එක හරහා තමයි ඕක ඉන්ස්ටෝල් වෙන්නේ. දැන් ඕක ඉන්ස්ටෝල් වෙලා ඉවර වුනහම ඔයාගේ කොම් එකේ Task Bar එකට එනවා EN කියල එකක් අලුතෙන්. දැන් ඔන්න අපි සොෆ්ට් එක ඉන්ස්ටෝල් කරගෙන අවසන්.එහෙම එකක් එන්නේ නැත්තම් Task Bar එකට කොම් එක Restart කරලා බලන්න. එහෙමත් ඇවිල්ල තිබුනේ නැත්නම් Control Panel > Region and Language >  Keyboards and Languages ගිහින් Doced in the task bar කියන එක Select කරලා Apply කරන්න. දැන් හරි.. 

     

    මෙහෙමයි මේකෙන් සිංහල ටයිප් කරන්නේ

    ඔයාට සිංහල ටයිප් කරන්න ඕනේ තැනට මව්ස් එක අරන් ගිහින් ක්ලික් එකක් දෙන්න, ඊට පස්සේ  Task Bar එකට ගිහින් අර EN කියන එක උඩ ක්ලික් කරලා SI තෝරන්න, දැන් වෙන කොහෙවත් ක්ලික් නොකර ඔයාට අවශ්ය එක Singlish වලින් ටයිප් කරන්න..

     

    කෙටි විධාන/ short cut keys for Google IME    

    Tab           ­­ _  සිංහලෙන් ටයිප් කරන විටදී අවශ්‍ය වචනය ක්ෂණිකව තෝරා ගැනීමට
    Alt+Shift   _   software එක on/off කිරීමට
    Ctrl+G       _  සිංහල/ඉංග්‍රීසි (අවශ්‍ය බාෂාව) වෙනස් කිරීමට

    Google Transliteration IME මගින් සිංහල ලේසියෙන්ම ටයිප් කොරන්නේ ඔන්න ඔහොමයි.. 

     

          2.පැන්සල Software එක මගින්... 

     


    මෙන්න සිංහල ටයිප් කරන්න තවත් ලේසි භාණ්ඩයක්... මේක ඇවිල්ලා අපේ ලංකාවේ අය්යා කෙනෙක්ගේ නිපැයුමක්... ඒ නිසා මටනම් Google Transliteration IME එකට වඩා මේක ගොඩක් වටිනවා..
    මෙන්න මේ අය්යා තමා මේක හදලා තියෙන්නේ.. එයා ගැන වචනයක්වත් දැම්මේ නැත්නම් මේ පෝස්ට් එකට ලොකු අඩුවක්... software එක පුංචි උනත් මටනම් මේක ගොඩක් ප්‍රයෝජනවත් එකක්... 


    Thusitha Manathunga(CEO/Founder)
    13th Batch
    Faculty of Engineering
    University of Ruhuna
    Sri Lanka
    2012


    ඔන්න පහලින් ලින්ක් එක තියනවා ඕනේ අය පැන්සල ගන්නකො.. (2.5MB)


    හරි දැන් ඕක උඩ රයිට් ක්ලික් කරලා Extract කරගෙන සොෆ්ට් එක ඉන්ස්ටෝල් කරගන්න...  දැන් අලි... 

    මේකත් Google Transliteration IME එක වගේම සොෆ්ට් එකක් තමා.. ඕන තැනක ලේසියෙන් ටයිප් කරන්න පුළුවන්.... හරිම ලේසි... ඕනේ වෙලාවට සොෆ්ට් එක රුන් කරගෙන බබා වගේ සිංහල ටයිප් කරන්නයි තියෙන්නේ.

    කෙටි විධාන/ short cut keys for Pencil  

    Insert key    _   සිංහල/ඉංග්‍රීසි (අවශ්‍ය බාෂාව) වෙනස් කිරීමට
    Esc key       _   software එක on/off කිරීමට


    පැන්සලෙන් අකුරු ලියන විදිහ 




     

    පැන්සල මගින් සිංහල ලේසියෙන්ම ටයිප් කොරන්නේ ඔන්න ඔහොමයි..



     

                          3. Singlish transliteration Software එකෙන්

     
    මේකත් කලින් කිව්ව විදියේ සොෆ්ට්වෙයා එකක් තමා... මේකෙනුත් ඔයාලට දඩ බඩ ගාල සිංහල ටයිප් කරන්න පුළුවන්...  ඔන්න පහලින් ලින්ක් එක තියනවා.. ඕනේ අය බාගන්නකෝ... 



     
    බාගත්ත ෆයිල් එක Extract කරගෙන Install කරගන්නකො... ඊටපස්සේ run කරාම Task Bar එකේ “සි” අකුර පෙන්නනවා.. දැන් ඉතින් බය නැතිව ඕනේ තැනක සිංහලෙන් කොටන්න... 

        4. Firefox Add-on එක මගින් 

    මේකනම් ඉතින් ෆයර් ෆොක්ස් use කරන අයට ඉන්ටර්නෙට් එක තුලදී විතරක් සිංහල ටයිප් කරන්න පුළුවන් ක්‍රමයක්. ෆේස්බුක් චැට් එකකදී එහෙමෙ සිංහලෙන් චැට් කරන්න ඕනේනම් ඔන්න බාන්ඩය... මේක ඇඩොන් එක ඉන්ස්ටෝල් වෙන්නේ බ්‍රව්සරයේ tool bar එකක් විදියට.... අවශ්‍ය ටික දඩ බඩ ගාල ටයිප් කොරල copy, paste කොරන්නයි තියෙන්නේ... ඔන්න පහලින් ලින්ක් එක තියනවා, ඕනේ ය දාගන්න.




     
    මමනම් ඉතින් ඔව්වගෙන් යුස් කොරන්නේ පැන්සලයි, Google IME කියන එකයි තමා...
    ඔන්න එහෙනම් වැදගත් වෙයි කියල හිතුන පෝස්ට් එකක්, වැදගත් විදිහට ලියුවා... දැනගන්න ඕනේ මොනවහරි තියනවනම් එකෙන්ම අහන්න.. ඔන්න මම අට්ටාලයෙන් බැස්සා... ජය වේවා...!


    3 comments:

    1. machan meke key gude eka puruduwenne nathuwa type karanna amarui machan .... singlish widiyata type kaloth enne sinhala akuru tikak witharai install eke mokak hari aulak unamada ehema wenne nathnam select karanna mokak hari font ekak thiyenawada....

      ReplyDelete
      Replies
      1. එහෙම අව්ලක් අපිටනම් නෑ... ඔයා මොකක්ද ගත්තේ? google ime ගන්නකො....

        Delete
    2. Singlish transliteration Software එක තමයි තියෙන සිංහල type කරන්න හොඳම softwere එක..................
      හැබැයි ඔය ගොඩක් Singlish Software වලින් Microsoft Office Word වල සමහර අකුරු ගහන්න බෑ...............
      ඔය Singlish Software වලින් Type කරලා වෙනස් Font වලට මරු කරන්නත් බෑ ඒ Font එක විතරයි..................

      ReplyDelete

    Related Posts Plugin for WordPress, Blogger...