Monday, November 12, 2012

චිත්‍රපටි උපසිරැසි ගැන සිංහලෙන්....


අපි හැමෝම වගේ ආසයිනේ නිකන් ඉන්න වෙලාවට ෆිල්ම් බලන්න... කොටින්ම කිව්වොත් කට්ටිය අලුත් ෆිල්ම් ආපු ගමන් එකේ ටොරන්ට් එක අරන් උණු උණුවේ බලනවා... අපිනම් ගොඩක්ම ආස හොලිවුඩ්, බොලිවුඩ් ෆිල්ම් බලන්නනේ .. සමහර වෙලාවට ඔය සුපිරි චීන,ජපන් වගේ ෆිල්ම්ස් එහෙමත් අපි බලනවනේ.. ආ තව ගොඩ දෙනෙක් ආසයි දෙමල/තෙලිගු ෆිල්ම් වලට... ඒවගේ තියෙන්නේ පට්ට පයිට්නේ නේද... ඔය කිවුවට ඔය ගොඩක් පිටරට ෆිල්ම් වල තියන භාෂාව අපේ යාලුවන්ට තේරෙනවා අඩුයිනේ, නේද? ඔය English ෆිල්ම් නම් එහෙන් මෙහෙන් ගොත ගහගෙන් තේරුම් ගන්න පුළුවන්... ඒ ටික තේරෙන්නෙත්  නැත්නම්  ෆිල්ම් එක යව යවා එකේ තියන හොදම ටික විතරක් බලල නිකන් ඉන්නවා.. 



ඔය වගේ වෙලාවට සිංහල හරි English හරි උපසිරැසි දාගෙන ෆිල්ම් එක බලන්න තියනවනම් පංකාදුයි නෙහ්?  නමුත් ටික දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි මේ උපසිරැසි සමඟ හරියට චිත්‍රපටි බලන්නේ කොහොමද කියන එක.




 

කොහොමද ෆිල්ම් එකක් සිංහල උපසිරැසි සමග බලන්නේ?

 

අපි download කරපු ෆිල්ම් එකකට සිංහල හෝ English භාෂාවකින් subtitles download කරලා අපි බලන ෆිල්ම් එකකට යොදාගෙන බලන්න පුළුවන්...  අපි සිංහල subtitles යොදාගෙන ෆිල්ම් එකක් බලනවානම් මුලින්ම අපි චිත්‍රපටි බලන කොම් එකේ siyabas එකේ තියන Sinhala Rendering Engine එක හ‍රියට Install ක‍රල තියෙන්න ඔනේ! ඔයාගේ කොම් එකට සිංහල ඉන්ස්ට්‍රෝල් කරලා නැත්තම් පහලින් install කරගන්න




 

ෆිල්ම් එකකට සිංහල උපසිරැසි ගන්නේ කොහෙන්ද?

 


ඔය පහලින් දීලා තියන වෙබ් අඩවි වලින් අවශ්‍ය ෆිල්ම් වල උපසිරැසි නොමිලේ Download කරගන්න පුළුවන්... වෙබ් අඩවි වලින් අලුතෙන් එන ෆිල්ම්ස්‌වල සිංහල උපසිරැසි පවා දවසින් දෙකෙන් නිර්මාණය කරලා අපිට ලබාදෙන්න කටයුතු කරනවා... ගිහින්ම බලන්නකෝ...

බයිස්කෝප් සිංහලෙන්  http://www.baiscopelk.com

Zoom.lk  http://zoom.lk/

බොක්ස් ඔෆිස් සිනමා කරළිය   http://www.moviehutlk.com/

හින්දි චිත්රපට සිංහලෙන්   http://www.hindichithrapata.com

අරිසෙන්  http://sinhala-subs.blogspot.com




ඔය සයිට් වලින් අපිට අවශ්‍ය ෆිල්ම් වල සිංහල sub අපිට නොමිලේ බාගන්න පුළුවන්...  ඔයාට මොකක් හරි ෆිල්ම් එකක සිංහල උපසිරැසි ගන්න ඕනේනම් ඔය සයිට් එකකින් නොමිලේම ලබාගන්න පුළුවන්...  (Zoom.lk අඩවියෙන් සිංහල උපසිරැසි හෝ ෆිල්ම් ලබාගන්න කලින් මෙතනින් ගිහින් ඒ අඩවියේ register වෙන්න )



 

 

සිංහල උපසිරැසි හොදින්ම දර්ශනය කල හැකි players

 



අපි Download කරන ෆිල්ම් ගොඩක් වෙලාවට DivX, XviD හෝ mkv වර්ගයේ චිත්‍රපටි.. මේ ෆිල්ම් ගොඩක් players වල වැඩ කළාට ඒ හැම එකකම අපි ගන්න සිංහල උපසිරැසි හරියට පෙන්නුම් කරන්නේ නැහැ. ඉතින් අපිට ෆිල්ම් එක බලන්න නම් KM Player , Jet Audio , GOM player  හෝ Media Player Classic  හෝ පාවිච්චි කරන්න පුලුවන්. මමනම් ෆිල්ම් බලන්න ගන්නේ KM Player එක... 




Windows Media Player


මේ players වලින් ඔයා use කොරන්නේ Media Player Classic නම් ඒකට අවශ්‍ය කරන codec pack එක මෙතනින් බාගත කරගෙන කොම් එකේ install කරගන්න..
ආ තව එකක්... අපි හැමෝම දන්න VLC player එක හොද player එකක් උනාට ඒකෙන් හරියට සිංහල subs හරියට Display වෙන්නේ නැහැ...





 

උපසිරැසි භාවිතය...

 


1) ඉස්සෙල්ලාම ඔයාලට අවශ්‍ය ෆිල්ම් එකේ උපසිරැසි බාගන්න. ගොඩක් වෙලාවට ඒක (rar) හෝ zip file එකක් විදියටයි තියෙන්නේ.... ඒක winrar හෝ 7 zip භාවිතයෙන් extract කර ගන්න. එතකොට ඔයාට (.srt) හෝ (.sub) හෝ (.ssa) ෆයිලයක් හරි කීපයක් හරි ලැබෙයි..
[ඔයාගේ කොම් එකේ  winrar  හෝ 7 zip නැත්තම් පල්ලෙහා තැන්වලින් බාගන්න. winrar බාගත කරගන්න මෙතනින්. 7 zip බාගත කරගන්න මෙතනින්.]

2) චිත්‍රපටිය බාගත්ත ෆෝල්ඩරයටම ඔයා extract කරපු උපසිරැසි ෆයිලයත් copy කරගන්න..

3) ආ තව එකක් ඔයා බාගත්ත .srt/.sub/.ssa උපසිරැසි ෆයිලයේ නමයි (file name එක) ෆිල්ම් එකේ නමයි දෙකම සමාන වෙන්න ඕනේ හොදේ..  (සමාන නොව්නොත් player එකේ settings වලින් sub එක open කරගන්න වෙයි)

උදා:




4) දැන් චිත්‍රපටය උඩදී කියපු players වලින් කැමති එකක play කොරන්ඩ..
ඔච්චරයි !!!
දැන් චිත්‍රපටිය සමඟ අනිවාර්යයෙන්ම සිංහල උපසිරැසි පේනවා... ස්ථිරයි ඈ...





ෆිල්ම් එකට කලින් උපසිරැසි දුවනවද?



සමහර වෙලාවට ඔයා ලග තිබුන චිත්‍රපටියකට වෙනම බාගත්ත උපසිරැසි file එක  නොගැලපෙන්නට ඉඩ තියනවා. (ඒ කිව්වේ දෙබස් වලට sub ගැලපෙන්නේ නැහැ කියලයි) බයවෙන්න එපා එක හදාගන්නේ මෙහෙමයි.. එක් එක් ප්ලේයර්වල තිබෙන ආකාර වෙනස්..
  •  KM Player 
කීබෝර්ඩ් එකේ “[" සහ "]”  (square brackets) යන keys වලින් උපසිරැසිවල වෙලාවන් change කරගන්න පුළුවන්.
  • Jet Audio 
Alt key එක සමඟ වම් සහ දකුණු arrow keys භාවිතයෙන් උපසිරැසිවල වෙලාවන් change කරගන්න පුළුවන්.





DVD Player තුලින් මෙම සිංහල උපසිරැසි Srt ආකාරයෙන් බලන්න බැහැ..

DVD Player (DVD ධාවකයක්) තුල මේ සිංහල උපසිරැසි නරබන්න බැහැ.. ඔයාලට එහෙම  කරන්නම ඕනෙනම් DVD VIDEO ආකාරයට ConvertXtoDVD වගේ Software එකක් ආදාරයෙන් චිත්‍රපටය සමග සිංහල උපසිරැසි එක්කොට DVD එකකට ඇතුලත් කොට DVD / Blue-ray Player ( DVD / Blue-ray ධාවකයක්) තුලින් මේ සිංහල උපසිරැසි බලන්න පුලුවන්...





නොදන්නා අයට ගොඩක්  ප්‍රයෝජනවත් උනා කියල හිතනවා.. අව්ලක් එහම තියනවනම් අහන්න හොදේ.. මන් ගියා...  ජය වේවා...!





No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...